Pages

Wednesday, 28 August 2013

සියටැල්

 වොෂින්ටන් නගරයේ සිටින බලවත්ම නායකතුමා අපේ භූමිය මිලදී ගැනීමට කැමති බව අපට දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිතරත්වය හා හොඳ හිත රාර්ථනා කරයි. අපේ මිතරත්වයෙන් ඔහුට එතරම් රයෝජනයක් නැතත් එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව අපි සලකා බලන්නෙමු.
ඔබ මේ අහස් තලය, පොළොවෙන් නගින උණුසුම් මිලදී ගන්නේ කෙසේද?
මේ අදහස අපට නම් විකාරයකි. සුළෙඟ් නැවුම් බව ජලයේ දිදුලන කාන්තිය අපට අයිති නොවේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙලෙසද?
මේ පොළොවේ සෑම බිම් අඟලක්ම මගේ මිනිසුන්ට පූජනීයය. දේවදාර ගසක දිලිසෙන සෑම කිනිත්තක්ම වැලි කඳුවලින් පිරි සෑම වෙරළක්ම අඳුරු වන ගැබ තුළ වන සෑම මීදුම් වළාවක්ම, සෑම එළිමහනක්ම, ගී ගයන සෑම කුඩා රාණියෙක්ම මගේ මිනිසුන්ට නම් පූජනීය මතකයෝ සහ අත්දැකීම් වෙති. තුරුලතා අතරින් දිවෙන සෑම මංපෙතක්ම රතු ඉන්දියානුවන් පිළිබඳව මතකයන් රැගෙන යයි.

එබැවින් වොෂින්ටනයේ මහා නායකයා අපේ ඉඩම් මිලදී ගැනීමට කැමති බැව් දන්වා එවීමෙන් හෙතෙම අපෙන් නොදිය හැකි දෙයක්ම බලාපොරොත්තු වෙයි. මන්දයත් මේ පොළව අපට පූජනීය වන හෙයිනි. මේ ගංගා දිගේ ගලා බසින්නේ හුදු ජලයම නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. පොකුණු දිය කඳ මත පතිත වන සෑම අඳුරු ඡායාවක්ම මගේ වර්ගයේම ජීවන අත්දැකීම් හා අනුස්මරණ බැව් ඔබේ දරුවන්ට කියා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන් මිත්තන්ගේ කටහඬයි.

ගංගාවෝ අපේ සොහොයුරෝය. ඔවුහු අපේ පිපාසය සංසිඳවති. අපේ ඔරු පාරු ගෙන යති. අපේ දරුවන් පෝෂණය කරති. අප මේ භූමිය ඔබට විකිණුවහොත් වෙනත් ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලට දක්වනු මැනවි.

අපගේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන් බිම් අපට පූජනීය වන්නේය. එහෙත් සුදු මිනිසුන් වන ඔබට නම් එක් භූමියක් තවත් භූමියකට වඩා වෙනස් නොවේ. ඔබේ මිනිස්සු භූමිය කොල්ලකා පලා යති. භූමිය ඔවුනට මිතුරෙකු නොව සතුරෙකි. එක් බිමක් අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුහූ තවත් බිම් සොයා ඉදිරියට ඇදෙති. කිසිදු හැඟීමකින් තොරව තම පියවරුන්ගේ සුසාන පසු කර යති. තම දරුවන්ගේ අනාගත භූමිය මංකොල්ල කති. මෙහි අවසන් රතිඵලය වන්නේ හිස් කාන්තාරයක් පමණකි.

සුදු මිනිසාගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන එයි. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයා ගත නොහැකිය. වසන්ත සමයෙහි තුරු ලතාවල ළපලූ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාත්වල සිලිසිලිය ඔබේ නගරවලදී ඇසෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණි. එය දෙසවනට මහත්ම හිරිහැරයකි.

ඇතැම් විට මා වැනි ම්ලේඡයෙකුට මේ දේවල් වටහා ගන්නට අසීරු විය හැකිය. එහෙත් හුදෙකලාවේ උලමා ගයන ගීතය හෝ රාතිරයේ පොකුණක් අසල මැඩියන්ගේ තර්ක විතර්ක නොඅසන ජීවිතයේ හරයක් වේද?


සත්තු, තුරුලිය හා මිනිස්සු යන අපි සියල්ලෝම එකම රාණ වායුව හවුලේ බෙදා ගන්නෙමු. සුදු මිනිසුන් වන ඔබ තමන් ආශ්වාස කරන වාතය ගැනවත් නොදනියි. අපේ භූමිය ඔබට විකිණුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් අගනා දෙයක් වූ බව සිහි තබා ගත මැනවි. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය.

ප්රෙයරි තණ බිම හරහා ගමන් කරන දුම්රියක සිට විනෝදයට වෙඩි තබා මරා දමන ලද කුණු වී යන දහස් ගණන් කුළු හරකුන්ගේ මළ සිරුරු මම දුටුවෙමි. කුළු හරකාට වඩා දුම්රිය වැදගත් වන්නේ කෙසේදැයි මට නම් වැටහෙන්නේ නැත. සමහර විට මා වනචාරී ම්ලේච්ඡයෙකු නිසා වීමට පුළුවන.

තිරිසන් සතුන් නොමැති ලොවක මිනිසා හුදෙකලාව ජීවත් වන්නේ කෙසේද? එසේ වුවහොත් හුදකලා බවින් ඔහුද විනාශ වී යනු ඇති. මන්ද යත් සත්වයින්ට සිදුවන දෙය ඉතා ඉක්මනින්ම මිනිසාටද සිදුවන නිසාය.

ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින විට මේ බිම අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුනට වටහා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. භූමියට සිදුවන සෑම හොඳක් හෝ නරකක්ම එහි දරුවන්ට උරුම වන්නේය. ඔබ භූමියට කෙළ ගසන්නේද ඔබ තමාටම කෙළ ගසා ගනී.

මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. ඥාතීන් සියලූ දෙනා එකම බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෑ එකිනෙක හා බැඳී තිබෙන බව අපි දනිමු. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වරපටක් පමණකි. මේ ජීවන ජාලයට හෙතෙම යම් බලපෑමක් සිදු කරයි හෙතෙම එය තමන්ටම සිදු කර ගත්තා වේ. එහෙත් ඔබ අප වෙනුවෙන් වෙන් කොට ඇති වාසභූමි වෙත යාම පිළිබඳව අපි සලකා බලන්නෙමු. එවිට අප එකිනෙකාගෙන් වෙන්ව එහෙත් සාමයෙන් ජීවත් වනු ඇත.


අපි එක් දෙයක් දන්නෙමු. එනම් යම් කිසි දවසක සුදු මිනිසා අපේ දෙවියන් ඔබේ දෙවියන්ද වන බව වටහා ගනු ඇත. අපේ ඉඩම් අයිතිකර ගැනීමට සිතන්නාක් මෙන් දෙවියන් අයත් කර ගැනීමට ඔබට සිතෙනු ඇත. නමුත් ඔබට එසේ කිරීමට නොහැකි වනු ඇත.


එතුමන් මුළු මහත් මිනිස් වර්ගයාගේම දෙවියාය. උන්වහන්සේගේ දයාව සුදු මිනිසාට මෙන්ම රතු මිනිසාට එක හා සමානය. මේ පොළෝ තලය ඔහුට අනර්ඝ වස්තුවක් වෙයි. ඊට හානි කිරීම එහි නිර්මාපකයාට නිගරු කිරීමක් වේ. දිගින් දිගටම ඔබේ යහන අපවිත කිරීමෙන් යම් රාතිරයක ඔබම නිපදවූ අපද්රව් ඔබේම හුස්ම හිර කරවනු ඇත.


එහෙත් විනාශය කරා යන ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් මෙන් උද්දීප්තිමත්ව බැබළෙනු ඇත. ඔබට මේ භූමියෙහි හා රතු ඉන්දියානුවන්ගේද ආධිපත්යය ලබා දුන්නා වූ දෙවියන්ගේ ශක්තිය ඊට හේතු වනු ඇත. සෑම කුළු හරකෙකුම මස් කරන ලද සෑම කැලෑ අශ්වයෙකුම හීලෑ කරන ලද පැහැබර කඳු ශිඛර කතා කරන කම්බිවලින් වැසී ගිය කල දෛවය අපට නම් අභූතයකි. වන ලැහැබ් කොහිද? නැති වී ගොස්ය. රාජාලියා කොහිද? නැති වී ගොස්ය. මේ සියල්ල කුමක්ද? ජීවිතයේ අවසානයයි. අපි ඔබේ ඉඩම් මිලදී ගැනීමේ යෝජනාව සලකා බලන්නෙමු.

අප ඊට එකඟ වුවහොත් ඔබ විසින් අපට දෙන්නට පොරොන්දු වී සිටින රක්ෂිත භූමියෙහි අපි ජීවත් වන්නෙමු. අන්තිම රතු මිනිසාත් පොළොවෙන් අතුරුදහන් වූ විට ඔහුගේ මතකය තණ බිම් මතින් පාවෙන වලාකුළක සෙවණැල්ලක් පමණක් වනු ඇත. මේ වෙරළ හා වනාන්තරය තවදුරටත් මගේ මිනිසුන් පිළිබඳ මතකය දරා සිටිනු ඇත. ඔවුන් මේ භූමියට ආදරය කළේ අලූත උපන් ළදරුවෙකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. ඉතින් අප භූමිය ඔබට විකුණා දැමුවොත් අප එයට ආදරය කළ හැටියටම ඔබත් ඊට ආදරය කරන්න. දෙවියන් අප සියලූ දෙනාටම ආදරය කරන ලෙසටම ඊට ආදරය කරන්න. අපි එක් දෙයක් දනිමු. අපේ දෙවියනුත් ඔබේ දෙවියන්මය. පොළොව ඔහුට බෙහෙවින් අගී. සුදු මිනිසාට පවා පොදු ඉරණමෙන් ගැලවිය නොහැකිය. අරුතින් අපි සියලූ දෙනාම සහෝදරයෝ නොවෙමුද?

 
   -සියටැල් 
 
 
 
Chief Seattle's Speech
 
In addition to his namesake city, Chief Seattle (178?-1866) is best remembered for a speech given, according to pioneer Dr. Henry Smith, on the occasion of an 1854 visit to Seattle of Isaac Stevens (1818-1862). Stevens was governor and Commissioner of Indian Affairs of Washington Territory.
He visited in January and again in March 1854. Chief Seattle's speech went unnoted in the written record until October 29, 1887, when the Seattle Sunday Star published a text reconstructed from admittedly incomplete notes by Dr. Smith.
Smith rendered his memory of Chief Seattle's speech in the rather ornate (to modern ears) English of Victorian oratory.
 Chief Seattle would have given the speech in the Lushootseed language, which then would have been translated into Chinook Indian trade language, and then into English. Smith's text is a necessarily filtered version of the speech and was certainly embellished by him.
 
Smith's reconstruction lacks corroboration in the written record, but it is far from implausible. Seattle was well respected among his own people and settlers as a powerful and eloquent orator in his native tongue. It is likely that he was present to meet Governor Stevens in January 1854. Stevens' assistant George Gibbs noted his presence during the March 11, 1854 meeting. Also, there are several accounts in pioneer records of Chief Seattle giving speeches to large crowds.
 Frederick James Grant included Smith's text in his 1891 History of Seattle, Washington and Clarence B. Bagley reprinted a slightly altered version in his 1929 History of King County, Washington (Vol. I, pp. 114-116). Most significantly, Bagley appended a new close without explanation or attribution:
 
 "Dead -- I say? There is no death. Only a change of worlds."
Bagley's version was reprinted in Roberta Frye Watt's 1931 memoir, Four Wagons West. That same year, John M. Rich used the Bagley text in a popular pamphlet, Chief Seattle's Unanswered Challenge. The speech was revived in the 1960s, notably in articles by William Arrowsmith and Ted Perry (who introduced entirely new material), and these fabricated versions became something of a manifesto for human rights and environmental activists. The evolution of Henry Smith’s text is analyzed in detail by Albert Furtwangler in Answering Chief Seattle, published in 1997.

The words themselves remain a powerful, bittersweet plea for respect of Native American rights and environmental values. The version below duplicates Dr. Smith's text as published by the Seattle Sunday Star on October 29, 1887, and as reprinted in Grant’s 1891 History of Seattle, Washington. Furtwangler has merged the two texts since the sole copy of the extant newspaper version is damaged. (It now resides in Special Collections at the University of Washington Library.) The speech, along with Henry Smith's account of it, is reproduced here with all original punctuation and spelling.
 
Henry Smith’s Account of Chief Seattle’s Speech
 
“When Governor Stevens first arrived in Seattle and told the natives he had been appointed commissioner of Indian affairs for Washington Territory, they gave him a demonstrative reception in front of Dr. Maynard’s office, near the waterfront on Main street. The Bay swarmed with canoes and the shore was lined with a living mass of swaying, writhing, dusky humanity, until old Chief Seattle’s trumpet-toned voice rolled over the immense multitude like the startling reveille of a bass drum, when silence became as instantaneous and perfect as that which follows a clap of thunder from a clear sky.
“The governor was then introduced to the native multitude by Dr. Maynard, and at once commenced in a conversational, plain and straightforward style, an explanation of his mission among them, which is too well understood to require recapitulation.
 
“When he sat down, Chief Seattle arose with all the dignity of a senator who carries the responsibilities of a great nation on his shoulders. Placing one hand on the governor’s head, and slowly pointing heavenward with the index finger of the other, he commenced his memorable address in solemn and impressive tones.“


Sources:
Albert Furtwangler, Answering Chief Seattle (Seattle: University of Washington Press, 1997), 10-17; Clarence B. Bagley, History of King County, Washington (Chicago: S. J. Clarke Publishing Co., 1929).

 

0 comments:

Post a Comment