ජපනුන් ලොව ජයගත් මග
එහෙත් ඉරණම හාත්පසින්ම වෙනස් විය. යුද ගිනි අළු ගසා දමා ජපානය ක්‍රමයෙන් සංවර්ධනය කරා පියමන් කළේ ය. ජපානය හපන්නු බවට පත්වූයේ අහම්බයකින් නොව, ඒ රටක් ලෙස නැඟීසිටීමට ඔවුන් තුළ තිබූ කැපවීම, අධිෂ්ඨානය හා මනා කළමනාකරණය නිසාවෙනි. එය සැකසීමට උපකාරී වූයේ S5 යන සංකල්පයයි.
ජපන් වචන 5 ඉංග්‍රීසි අකුරින් ලියූවිට මුලට ඉ අකුර එන බැවින් එම නාමය භාවිතා විය. සෙයිරි, සෙයිතොන්, සෙයිසෝ, සෙයිකෙන්සු හා ෂිත්සුකෙ එම සංකල්ප වෙයි. එදා ඔවුන් හඳුන්වා දුන් මෙම සංකල්පය බුදු දහම හා සමීපවන ආකාරය විමසා බලමු.
1. සෙයිරි
බුදු දහමේ ඉගැන්වීම අනුව අනවශ්‍ය දේ බැහැර කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ සිත, කය හා වචනය යන තුන් දොරහි හටගන්නා වූ කිළිටි අදහස් එනම් සමාජයේ යහපැවැත්මට බාධා පමුණුවන අකුසල් සිත් ඉවත් කැර ගැනීමයි. බුදු රජාණන්වහන්සේ ඉසිපතනයේදී පස්වග තවුසන්ට දේශනා කළ සිය ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රයෙහි මෙසේ වදාරා ඇත.
‘ද්වේ මෙ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බායේවායං කාමසුඛල්ලිකානුයෝගී හීතෝ ගම්මෝපෝථුජ්ජනිකො අනරියො අනන්ථ සංගීතෝ යොචායංඅත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්තසංහිතෝ”
මෙහිදී උන්වහන්සේ පෙන්වා දෙනු ලැබුවේ, පැවිදි ජීවිතයට අදාළ නොවන අනවශ්‍ය දේ කුමක්දැ යි අවබෝධකර ගෙන ඒවා බැහැර කොට ඉදරියට ගමන්කළ යුතු ආකාරය යි.‘මෙහිදී පමණක් නොව වෙනත් බොහෝ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ සමාජයට හිතකර වූ දේවල් ක්‍රියාත්මක කිරීම පිළිබඳව වැඩිදුරටත් පෙන්වා දුන්හ. සාර්ථක ජන ජීවිතයක් උදෙසා සිගාලෝවාද සූත්‍රයෙහි සදහන් වන කරුණු 14 තුළින් ඉස්මතු වන්නේ ගිහි ජීවිතයේදී දියුණුවට බාධා ඇතිකරන අනවශ්‍ය දේවල් බැහැර කිරීමයි. එම කරුණු 14 නම් සතර අගති, සතර කර්මක්ලේශ හා භෝග අපාය මුඛ හයයි. ඒවා ඉවත් කර ගැනීමෙන් පසුව අනුගමනය කළ යුත්තා වූ කරුණු ද 14 ක් හඳුන්වා දී තිබේ.
2. සෙයිතොන්
“අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා” ලෙස දැක්වෙන්නේ එම කරුණයි. ක්‍රමානුකූල ව අනුපිළිවෙළකට සීල ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුය. එක වරකට රාශියක් ප්‍රතිපත්ති අනුගමනය කළ නොහැකි ය. පළමුවන සීලමය ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් දෙවන, තුන්වන ප්‍රතිපත්තිවලට යා හැකි ය. ඒ අනුව චූල සීල, මජ්ඣිම සීල හා මහා සීල අනුපිළිවෙළින් අනුගමනය කළ යුතු වේ.
කරන ක්‍රියාව ද අනුපිළිවෙළට කළ යුතු ය. “අනුපුබ්බේන මේධාවීථෝක ථෝකං ඛණේ ඛණේ” යනුවෙන් ඥානවන්තයා අනුපිළිවෙළින් ක්‍රමක්‍රමයෙන් ඒ ඒ අවස්ථාවල දී තම කෙළෙස් මළ දුරුවන පරිද්දෙන් යහපත් ක්‍රියාවල යෙදෙන්නේ ය. රන්කරුවා, රන් ආභරණයක් හිමින් සීරුවේ ක්‍රමානුකූල ව අලංකාර වන ලෙසත් දීප්තිමත් වන ලෙසත් භාණ්ඩයක් සාදන්නාක් මෙන් ඔහු ශ්‍රේෂ්ඨ ගුණසම්පන්න පුද්ගලයකු වන බව එම ධම්මපද ගාථාවෙන් දැක්වේ.
අනුපූර්ව ප්‍රතිපදාව ද බුදු දහමෙහි අවධාරණය කරන්නකි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුපිළිවෙළින් අනුගමනය කළ යුත්තකි. මුල් අංග නොපිළිපැද ඉහළට ගමන් කළ නොහැක.විනය පිටකයේ වත්ථ බන්ධකයේ නිවසක හෝ ආයතනයක හෝ බඩුමුට්ටු ආදිය පිළිවෙළකට තැබීම යන කරුණ ඉතා පැහැදිලි ලෙස පෙන්වා දී තිබේ. අවහිර නොවන පරිදි ශරීරයේ නොහැපෙන පරිදි බඩුමුට්ටු තැන්පත් කළ යුතු යැයි උගන්වා තිබේ. එසේම අතුපතුගෑමට පෙර පිළිවෙළකට පුටු, මේස ආදියත් බුමුතුරුණු, පාපිස්නා ආදියත් අස්කළ යුතු බව ද පවිත්‍ර කිරීමෙන් පසු ද එසේ ම අනුපිළිවෙළින් තැන්පත් කළ යුතු බව ද පෙන්වා දී තිබේ.
3 සෙයිසෝ
බුදු දහම පවිත්‍රතාවයට ප්‍රමුඛත්වය දෙයි. මෙහිදී මූලික වශයෙන් පුද්ගලයාගේ තිදොර පිරිසුදු කරගැනීමට දස කුසල් උගන්වා ඇත.
“මනසා චෙ පසන්නේන - භාසති වා කරෝති වා”යනුවෙන් පෙන්වා දෙන්නේ ප්‍රසන්න වූ පිරිසිදු වූ මනසින් කතා කිරීමත් ක්‍රියා කිරීමත් සැප ලබා ගැනීමට පාදක වන බවය. පාසල්, රෝහල්, ආයතන, කර්මාන්තශාලා ආදී සෑම ස්ථානයකම පිරිසුදු බව ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් ය. පිරිසුදු ලෙස පවතිද්දී ප්‍රසන්න හැඟීමක් ඇතිවේ. පිළිවෙළකට වැඩකිරීමට ද සිත් වේ. පාරිශුද්ධත්වය පිළිබඳ කතාකිරීමේදී බුදු දහමේ එන සප්ත විසුද්ධිය ගැන ද සඳහන් කළ යුතු ය. සත් ආකාරයකින් පුද්ගලයකුගේ පිරිසුදු බව ඇතිකර ගැනීම ඉන් කියැවේ.
4 සෙයිකෙත්සු
කෙතරම් යහපත් වැඩක් ආරම්භ කළත් එකදිගට පවත්වාගෙන නොයන්නේ නම් ඉන් පලක් නැත. බුදු දහමේ වඩාත් අවධාරණය කරන ප්‍රතිපත්තියක් ලෙස නොකඩවා නොනවත්වා අධිෂ්ඨානශීලී ව අභිමතාර්ථ ඉෂ්ට වන තෙක් ක්‍රියාකිරීම පෙන්වාදිය හැකිය. බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසට නිතර දෙසූ කරුණක් ලෙස මෙය සඳහන් කළ හැක.
“ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධ සාසනේ” “පටන් ගන්න, ක්‍රියාත්මක වෙන්න, බුද්ධ දේශනා අනුව වැඩෙහි යෙදෙන්න” යන්න මෙහි අදහසයි.
යහපත් කටයුතුවල යෙදෙන අතර ඒවා නොනවත්වා ඉදිරියටම කරගෙන යෑම අවශ්‍යය. කසී බාරද්වාජ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ යහපත් ප්‍රතිපදා නොනවත්වා කරගෙන ගිය බව පැහැදිලි වේ. “ගච්ඡති අනිවත්තං තංයත්ථ ගන්ත්වා න සෝචති” යම් තැනකට යාමෙන් ශෝක නොවී සදා සැනසීම ලබා ගත්තේ ද එතෙක් නොනැවතී ඉදිරියටම ගමන් කළ බව ඉන් කියවේ. අධිෂ්ඨානයෙන් යුක්තව වැඩ කිරීම බුදු දහමෙන් ඇගයේ. එය වඩා යහපත් ප්‍රතිඵල ලබාගැනීමට නම් කවර බාධාවක් පැමිණියත් වීර්යයෙන් යුතුව ඉදිරියටම යා යුතුය.
5. ෂිත්සුකෙ
ඉන් එකක් ලෙස “සුත ධනය” දැක්විය හැකිය. ඉන් අදහස් වන්නේ ශිල්ප ශාස්ත්‍ර හා ධර්මය දැන ගැනීමය. තවත් එක් ධනයක් වන “පඤ්ඤා ධනය” යන්නෙන් අදහස් වන්නේ ලෝකය පිළිබඳ යථාර්ථාවබෝධයයි.
අවබෝ්ධයට, බුද්ධියට ප්‍රමුඛත්වය දෙන දහමකි. බුද්ධ යනු අවබෝධයයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බෞද්ධයෝය. ඒ නිසා දැනුවත් වීම හා දැනුවත් කිරීම ප්‍රමුඛකොට බෞද්ධ ප්‍රතිපදා පවතී. සෑම විටම අවබෝධයෙන් යුතුව පිළිගැනීම, කතා කිරීම හා වැඩ කිරීම කළ යුතුවෙයි. අවබෝධයෙන් තොර පැහැදීම අන්ධ භක්තිය ලෙස සලකා බුදු දහම එය බැහැර කරයි. හරි අවබෝධයෙන් යුක්ත පැහැදීම ශ්‍රද්ධාව ලෙස අගය කරනු ලබයි.
මුල් කාලයේ සිට සිව්වනක් පිරිස දැනුවත් බවින් යුක්තව සිටියහ. නිතර ධර්ම දේ්ශනා, ධර්ම සාකච්ඡා සිදු කෙරිණි. එසේම භික්‍ෂූන් හා භික්‍ෂුණීන් ධර්ම චාරිකාවේ යෙදීමට සිදුවිය. සති දෙකකට වරක් භික්‍ෂුන් හා භික්‍ෂුණීන් වහන්සේලා පොහොය කිරීමට සිමාමාලකයට එකතු වූහ. උගත් වැඩිහිටි භික්‍ෂුවක් උපදේශ අනුශාසනාව කළහ. ශික්‍ෂා අඩංගු ප්‍රාතිමෝක්‍ෂය දේශනා කළහ. මේ නිසා සන්නිවේදනය ඉතා ඉහළ මට්ටමින් සිව්වනක් පිරිස අතර සිදුවිය. එබැවින් දැනුවත් කිරීමේ කාර්ය හොඳින් පැවති බව පෙනේ. ඈත අතීතයේ ඥානවන්ත මහා යතිවරයාණන් වහන්සේලා බොදුණු අපේ වාසනාවට පහළ විය. වර්තමානයේ ද එවැනි යතිවරයාණන් වහන්සේලා නැතුවා නොව.
නමුත් වර්තමානයෙහි බුදු රජාණන් වහන්සේ දේශනා කළ උත්තරීතර යම් සූත්‍ර ධර්ම අමු අමුවේ පුද්ගලයන්ගේ අදහස් එකතු කොට ආදි බුදු දහමේ උත්තරීතරභාවය මැකී යන සිදුවීම් බහුලව දැකීමට ඇත. එදා යතිවරයාණන් වහන්සේලා ආදි බුදු දහම සුරැකීමට නොබියව වරද වටහා දී ඇත. එය ලෝකය නමැති ග්‍රන්ථයෙන් උපුටා ඉදිරිපත් කරමි. එදා කතුවරයන්ගේ වැරදි මත මෙසේ ය. භාග්‍යවතුන් වහන්සේ නාම රූප ධර්මයන් ගේ ඉපදීම හා නිරුද්ධ වීම හැර සත්ත්වයකුගේ ඉපදීම හා නිරුද්ධ වීමක් නොදැක්වූවෙකු ලෙසය. පුනර්භවය යනුවෙන් ඔහු හඳුන්වන්නේ සත්ත්වයෙක් නැති නාම රූප ධර්ම පරපුරකි.
මේ අදහස භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ තැනක් හැටියට මේ කතුවරයා උපුටා දක්වන්නේ මැදුම්සඟියෙහි වූ අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රයේ කොටසකි. ඒ මෙසේය. “ගෞතමයන් වහන්ස, මෙසේ බිඳුනා වූ සිත් ඇති භික්‍ෂුතෙම වනාහි කොයි උපදීද?”වච්ඡගොත්ත අනතුරුව විචාළේ ය.“වච්ඡය උපදී යනු නොයෙදෙයි.එසේ වී නම් නූපදීද?නූපදී යනු ද නොයෙදෙයි.අනතුරුව භික්‍ෂුව ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු දෙන බුදුන් වහන්සේ උපදීද, නූපදීද, යන ප්‍රශ්න ද සදොස්‍ය නූපදී, නූපදින්නේත් නොවේ. යන ප්‍රශ්න ද සදොස් යැයි කීහ. බිඳුණු සිත් ඇති භික්‍ෂුවකට කොහි උපදීදැයු ඇසීම ද වැරදියැයි කීහ.ගින්නක් ඇවිල ගත්තේ ය. ඒ ගින්න තෘණ, දැව, දර නිසා ඇවිලේ. ඒ ගින්න නිවෙයි. නිවුනු ඒ ගින්න නැගෙනහිරට බස්නාහිරට උතුරට දකුණට ගියේදැයි ඇසීම නුසුදුසුය. ඒ ගින්න තෘණ, දර ආදිය කෙළවර වීමෙන් දැවීමට අන් දෙයක් නැති හෙයින් නිවුණේ ය. අග්ගිවච්ඡගොත්ත සූත්‍රයෙන් නාම රූප ධර්මයන්ගේ ඉපදීම හා නිරුද්ධ සම හැර සත්ත්වයෙකුගේ ඉපදීමක් හා නිරුද්ධ වීමක් නොවන බව හෙළිවේ. අග්ගිවච්ඡගොත්ත හා භාග්‍යවතුන් වහන්සේ අතර මේ කියන සාකච්ඡාව ඇතිවූයේ පුද්ගලයෙකුගේ පුනර්භවය ගැන නොව රහතන් වහන්සේ මරණයෙන් පසු උපදී ද යන ප්‍රශ්නය ගැනය. කරුණු සඟවනු සඳහා “විමුත්ත චිත්තෝ” යන වචනය “බිඳුණු සිත් ඇති” යැයි සිතා මතා වෙනස් කර ඇත. සූත්‍රයෙහි එන පාලි පාඨය මෙසේ ය.
වර්තමාන ජන සමාජයේ ඉහත සඳහන් කළ සන්නිවේදනය ඉතා ඉහළ මට්ටමින් සිව්වනක් අතර නොතිබීමට හේතු වී ඇත. වහාම එය නිවැරදි කර ගනිමු. කළමනාකරණය සම්බන්ධ පංච ක්‍රමය ම බුදු දහම ප්‍රමුඛ ලෙස භාවිතා කළා වූ ද බෞද්ධ සිව්වනක් පිරිසට පුරුදු පුහුණු කළා වූ ද ඒවා වේ. අද භාවිතය ලිහිල් වීම මිස අනුගමනය නොකෙරෙන පිළිවෙත් නොවේ. ජපන් ජනතාව වඩා කාර්යක්ෂම වීමට වැඩි පලදායීතාවක් ලබාගැනීමට උපයෝගීකරගත් එම ඉ5 ක්‍රමය යහපත් බෞද්ධ පිළිවෙතක් වන්නේ ය.
ජපානයේ නරිතසන් ජෝසෝජි විහාරාධිපති
දහම් සෙවණේ සිඟිත්තෝ ජාත්යන්තර ළමා සංවර්ධන පදනමේ නිර්මාතෘ ජපානයේ නරිතසන් ජෝසෝජි විහාරාධිපති
දහම් සෙවණේ සිඟිත්තෝ ජාත්යන්තර ළමා සංවර්ධන පදනමේ නිර්මාතෘ ජපානයේ නරිතසන් ජෝසෝජි විහාරාධිපති
දහම් සෙවණේ සිඟිත්තෝ ජාත්යන්තර ළමා සංවර්ධන පදනමේ නිර්මාතෘ සුදුහුම්පොළ විමලසාර හිමි
ජපානයේ නරිතසන් ජෝසෝජි වත්‍යන්තර ළමා සංවර්ධන පදනමේ නිර්මාතෘ සුදුහුම්පොළ විමලසාර හිමි
ජපානයේ නරිතසන් ජෝසෝජි විහාරාධිපති
දහම් සෙවණේ සිඟිත්තෝ ජාත්යන්තර ළමා සංවර්ධන පදනමේ නිර්මාතෘ සුදුහුම්පොළ විමලසාර හිමි
සුදුහුම්පොළ විමලසාර හිමි
0 comments:
Post a Comment