Pages

Wednesday, 28 August 2013

මහනුවර

ශී‍්‍ර ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර ලෝක උරුම නගරයකි.

ගම්පොළ රජ කළ තුන්වැනි වික‍්‍රමබාහු රජු (කි‍්‍රව. 1357 සිට 1375) දඩයමේ යද්දී සාවකු පසුපස හිවලකු දුවනු දැක ලූහුබැඳ තිබේ. එක් ස්ථානයකදී නැවත ආපසු හැරුණු හාවා හිවලා ලූහුබැඳ යාමට පටන් ගෙන ඇත. මේ ආශ්චර්යය දුටු රජු ඒ ආසන්නයේ ලෙනක විසූ තාපසයකුගෙන් මේ පිළිබඳ විමසා ඇත. සෙංකණ්ඩ නැමැති ඒ තාපසයා පවසා ඇත්තේ මෙය ජය භූමියක් බවයි. ඉන් පහැදැනුණු රජු ඒ ආසන්නයේ රාජධානියක් කරවා ඇති බව වංශ කථා සාධක වල දැක්වේ. රාජධානිය කරවූ රජු තාපසවරයාට ගරු කිරීමක් ලෙස සෙංකඩගල පුරවරය ලෙස එම නව නගරය නම් කැර ඇත.

 
 

එහෙත් දහ හතර වැනි ශත වර්ෂයේ ලියැවුණු ශී‍්‍ර ලංකාවේ කඩයිම්පොතෙහි කටුබුලූරට නම් ස්ථානයක් ගැන සඳහන් කරන අතර දාහත් වැනි සියවසට අයත් මැදවල තඹ සන්නසත්, ති‍්‍රසිංහලේ කඩයිම් පොතත් කටුපුලූ හෙවත් කටුබුලූ යන නගරය ගැන පවසයි. මහනුවර නගරයට නුදුරු වර්තමාන වටපුලූව එම නගරය ලෙස පහසුවෙන් හඳුනාගත හැකිය. එසේනම් සෙංකඩගල නගරය බිහිවන්නට පෙර කටුපුලූව ජනාකීර්ණව තිබෙන්නට ඇත.

 

තුන්වනි වික‍්‍රමබාහු රජුගෙන් පසු ගම්පොළ රජ පැමිණි සේනාසම්මත වික‍්‍රමබාහු ගම්පොළ අතහැර සෙංකඩගල පුරවරය සිය අගනගරය කරගත්තේ. එහි භූගෝලීය පිහිටීම ආරක්ෂිතව සිටීම සඳහා මහෝපකාරී වීම ඒ සඳහා හේතුවිය. අනතුරුව ඔහුගේ පුත් ජයවීර අස්තාන කි‍්‍රස්තු වරෂ 1511 දී සෙංකඩගල රජ පැමිණ 1551 දක්වා රාජ්‍ය විචාලේය. ඔහුගෙන් පුස පාලකයා වූයේ කරලියද්දේ බණ්ඩාරය. ඉක්බිතිව සීතාවක රාජසිංහ රජු උඩරට රාජධානිය ආක‍්‍රමණය කර සීතාවකට වී තම පාලනය ගෙන ගියේය. කරලියද්දේගේ බෑණනු වූ දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩර පසුව පෘතුගීසීන්ගේ සහාය ලබා උඩරට සීතාවක රාජ්‍යයෙන් මුදාගත්තේය. පේරාදෙණියේ වීරසුන්දර මුදලිගේ පුත‍්‍රයකු වූ දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර දන්තුරේදී කළ මහ සටනකින් පෘතුගීසීන් ද පලවාහැර යමසිංහ බණ්ඩාර පරාජය කරමින් 1595 දී පළමු වැනි විමලධර්මසූරිය ලෙස රජ පැමිණියේය.

 

සිංහල රාජ්‍යත්වයේ සම්ප‍්‍රදායික උරුමය තහවුරු කරන සංකේතය වූ දන්ත ධාතූන් වහන්සේ කුරුවිට දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවාගත් විමලධර්මසූරිය රජු දළදා මන්දිරයක්ද සෙංකඩගල රාජධානියේ කැරැවූවේය. විමලධර්මසූරිය රජු 1604 දී මියගියේය, එතැන් පටන් 1815 ශී‍්‍රලංකාව බි‍්‍රතාන්‍යයන්ට නතු වන තුරු අනුක‍්‍රමික රුජවරු හත් දෙනෙක් පාලනයට ආහ,

සෙංකඩගල නුවර පසු කළෙක මහනුවර යන නමින් හැඳින්වෙන්නට විය, අදටත් ඉතිරිව පවත්නා ඓතිහාසික ගොඩනැගිලි සමූහයක් දැකිය හැකිය.

 

මේ අතරින් දළදා මාළිගාව ප‍්‍රධාන වේ. මෙය මුළින්ම හඳුන්වන ලද්දේ දළදා ගේ නමිනි. පළමුවැනි විමලධර්මසූරිය රජු දෙමහල් පහයක් ලෙස ගොඩනංවනු ලැබූ මේ මන්දිරය දෙවැනි විමලධර්මසූරිය රජු තෙමහල් මන්දිරයක් ලෙස වැඩි දියුණු කර ඇත. වැඩසිටින මාළිගය ලෙස වර්තමානයේ හැඳින්වෙන පැරණි දළදා මැදුරට ඉදිරියෙන් ඇති දෙමහල් ගොඩනැගිල්ල නිර්මාණය කරවන ලද්දේ නරේන්ද්‍රසිංහ රජු විසිනි.

 

අද ඉතිරිව ඇති මහ වාසල උඩරට අවසන් රජුගේ නිවාසය වූ මන්දිරයයි. එහෙත් අද එහි දක්නට ඇත්තේ කොටසක් පමණි. මහ වාසලෙන් විශාල කොටසක් වරින් වර විනාශ වීය, බි‍්‍රතාන්‍යයන් විසින් එය වරින් වර ප‍්‍රතිසංස්කරණය කරන ලදී. දළදා මාළිගයට වම් පසින් ඇති මහ වාසලේ ප‍්‍රධාන දොරටුව අදට ද පෙර තිබූ ආකරයටම දැකිය හැකි වීම විශේෂත්වයකි.

මහනුවර නගරයේ පිහිටි නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාල, දළදා මාළිගාවත් සමග දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්බන්ධවී පැවැතිණි. එයින් පැරණිතම දේවාලය වූ නාථ දේවාලය ඉදිකර ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 14 වැනි සියවසේදී පමණ බවට සාධක හමුවී ඇත. එහි ඇති පුරාණ ගෙඩිගේ ඉතිහාසය එතරම් ඈතට දවයයි. මහනුවර නගරයේ ඇති පුරාණතම ගොඩනැගිල්ල වන්නේද එයයි.

 

දළදා මාළිගාව අබියස ඇති වැවේ අනෙක් පැත්තේ සියම් නිකායට අයත් භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථාන දෙකින් එකක් වන මල්වතු මහා විහාරය පිහිටා තිබේ. සේනා සම්මත වික‍්‍රමබාහු විසින් මෙම විහාරස්ථානය ගොඩනගන ලදී. මහාවංශයේ පැවැසෙන ආකාරයට මල්වතු හා අස්ගිරි විහාරයේ භික්ෂූනගේ ප‍්‍රයෝජනය සඳහා තවත් ආරාම අසූ හයක් ඔහු විසින් තැනැවිණි.

 

මහනුවර නගරයට අලංකාරයක් වූ කිරි සයුර හෙවත් නුවර වැව ලෙස හැඳින්වෙන ජලාශය ගොඩනගන ලද්දේ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ සමයේදීය. 1807 වර්ෂයේදී එතැන තිබූ කුඹුරක කුඩා පොකුණක් සෑදීම සඳහා හාරද්දී කිරි ඉබ්බෙකු මතුවූ බවත් එය දුටු නැකැත් කරුවන් එතැන ජලාශයක් කරවීම සුදුසු බවත් පැවසූවෙන් රජු ජලාශයක් කරවූ බව වංශකථාවන්හි කියැවේ., ජලාශය මැද රජු විසින් පරිහරණය කළ ගොඩනැගිල්ලක් තිබූ දූපතක් අදටද දැකිය හැකි අතර ජලාශයේ ස්නානය කිරීමට පෙර ඇඳුම් මාරු කිරීමට සෑදූ සුවිසල් උළුපැන්ගේ නැමැති ගොඩනැගිල්ල ද අදටත් ඉතිරිට තිබේ.

 
 

යටිනුවර වීදිය ඔස්සේ උතුරු දෙසට ගමන් ගනිද්දී සියම් නිකායේ අනෙක් භික්ෂු මූලස්ථානය වන අස්ගිරි විහාරය හමුවෙයි. මෙය මල්වතු විහාරයටත් වඩා පැරණි විහාරස්ථානයක් යැයි විශ්වාස කරයි, එය පිහිටුවා ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 1305 ත් 1335 අතර කුරුණෑගල විසූ සිව් වැනි පරාක‍්‍රමබාහු ගේ ඉල්ලීම මත සිරිවර්ධන නැමැති සේනාධිපතියා විසිනැයි කියැවේ.

 

උඩරට රජුන්ගේ සිරුරු දවාලීම සඳහාත් අනතුරුව භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහාත් යොදා ගත් භූමිය වන ආදාහන මළුවද මෙහි පිහිටා ඇත. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු හැරුණු විට විමලධර්මසූරිය රජු ඇතුළු ඔහුගෙන් පසු රජ පැමිණි සියළුම රජවරුන්ගේ ආදාහන කර ඇත්තේ මෙහිදීය. එම රජවරුන්ගේ සොහොන් කොත් මෙම ස්ථානයේ තිබූ බවත් ඒවා පසු කලෙක සොරුන් විසින් කඩා බිඳ විනාශ කරන ලද බවත් ඉංගී‍්‍රසි ලේඛකයකු වන ෆෝබ්ස් සටහන් කැර ඇත.

 

පැරණි නගරයෙන් පිටත පිහිටා තිබූ ගංගාරාමයත්, සුදුහුම්පොළ විහාරස්ථානයත්, නිත්තවෙළ විහාරයත් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයන් වෙයි.

 

දළදා මන්දිරය ඉදිරිපිට පිහිටි විවෘත භූමි භාගය හැඳින්වෙන්නේ මහා මළුව නමිනි. පත්තිරිප්පු ඉදිකරවූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු පත්තිරිප්පුවේ සිට මහ මළුවට රැස්වූ ජනතාව ඇමතූ බව ඓතිහාසික වාර්තාවල දැක්වේ. 1815 දී ඉංගී‍්‍රසින් ගේ කතිර කොඩිය වාරියපොළ සුමංගල හිමියන් විසින් බිම හෙළුවේ මේ බිමේදීය. 1818 කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ විරුවාගේ හිස්කබල දැන් තැන්පත් කර ඇත්තේද මේ ස්ථානයේම වීම විශේෂත්වයකි.

 

සිංහලයේ අවසන් රාජධානිය වූ සෙංකඩගල හෙවත් මහනුවර ආශි‍්‍රතව තවමත් බොහොමයක් පුරාණ කලා ශිල්ප ආරක්ෂා වී තිබේ. මේ අතරින් ප‍්‍රධාන වන්නේ වාර්ෂික පැවැත්වෙන දළදා පෙරහැර හා ඒ ආශි‍්‍රත වූ සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර සමුදායයි. මෙවන් දුර්ලභ සංස්කෘතික ලක්ෂණ රැසක් සහිත මහනුවර නගරය හා ඒ ආශි‍්‍රත පරිසරය වර්තමාන ලෝක උරුම නගරයක් ලෙස නම් කැර තිබේ.

 
 වේරගොඩගේ සජිව විජේවීර

 වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි

1815 පෙබරවාරි මස 18 වනදා ඉංගීරසි හේවායන් විසින් සිංහලයේ අවසාන රජතුමන් වූ ශ්රී වික්රම රාජසිංහයන් ජීවග්රහයෙන් අල්ලා ගන්නා ලදී. සමඟම අපේ රටට උදාවූයේ තීරණාත්මක වූ සංවේගදායක වූ කාලවකවානුවකි. සිංහල බෞද්ධ බලයත් බෞද්ධ උරුමයත් අපේ නිවහල් ජාතියත් මේ සමඟම අන්ත පරිහානියකට ඇද වැටුණි. චිරාත් කාලයක් පුරා අපට අයත්ව තිබුණු රජ තනතුර අහිමිවිණි. බටහිර මුග්ධ පාලනයකට අපි නතු වූයෙමු.


 1815 මාර්තු 02 වන දින මහනුවර දී රට භාර ගැනීමේ උඩරට ගිවිසුම අත්සන් කරන බවට ප්රකාශ කෙරිණි. කපුවත්තේ, මිල්ලව, මොල්ලිගොඩ, කැප්පෙටිපොළ නිලමේවරු සිංහල පක්ෂය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටියහ. පසුබිමෙහි යෝධ සෙවණැල්ලක් මෙන් වැජඹුණේ වාරියපොළ ශ්රී සුමංගල හිමිපාණන්ය.
ශ්රී වික්රම රාජසිංහ රජතුමන්ගේ සුවිශේෂ ගෞරවාදරයට පාත්රව සිටි වාරියපොළ සුමංගල හිමිපාණෝ එවකට සුදුහුම්පොළ විහාරාධිපති ධූරය හෙබවූහ. ශ්රී දළදා මාලිගාවේ ශ්රී දන්ත ධාතුන් වහන්ස්ගේ භාරකාරත්වය සුමංගල හිමිපාණන්ට පැවරී තිබුණි.
 පෙබරවාරි 28 වනදා ඉහත සඳහන් කළ රදල නිලමේවරු මාර්තු 02 වනදා අත්සන් කිරීමට නියමිත ද්රෝහී ගිවිසුම ගැන සුමංගල මාහිමිපාණන් සමඟ කතිකාවතක යෙදෙන්නට තීරණය කර හිමිපාණන් හමුවී වැඳ පුදා අවසර ගත්හ.
 සුමංගල හිමිපාණන්ගේ අභීත අදීන තියුණු ගැඹුරු කට හඬ අවදි කෙරිණි. නිලමේවරු එකත්පස්ව සිටිති.
දැන් මේ තිරණාත්මක අවස්ථාවේදී අප විසින් අපේ සිරිත් විරිත් ආගම ජාතිය ආරක්ෂා වන අන්දමින් අත්සන් සහිත ලිඛිත පොරොන්දුවක් ඉංගීරසියෙන් ලබා ගත යුතුයි. එබඳු පොරොන්දුවකට අත්සන් කරන තෙක් ඉංගීරසි කොඩිය ඔසවන්නට කෙසේවත් ඉඩ දිය යුතු නොවේ.”
 අභීත කේශර සිංහරාජයෙකු සේ සිය දැඩි ස්ථාවර පළ කළ සුමංගල හිමිපාණෝ සිංහල රාජ්යයේ අවසාන ලිපිය සකස් කරන්නට සූදානම් වූහ. දේශනුරාගයෙන් ජාත්යාලයෙන් ඔද වැඩුණු සුමංගල හිමිපාණෝ අපට අපේ ජාතියට ආගමට දේශයට ස්වාධීනත්වයට වාසිවන ආකාරයේ වගන්ති කීපයකින් යුක්තව අදාළ කෙටුම්පත සකස් කළහ.
 මාර්තු 02 වන දිනය වූ විශේෂිත දිනයෙහි සැඳෑ සමයේ සිදුවන්නට හා තීරණාත්මක ගිවිසුම ගැන දැඩි කණස්සල්ලෙන් යුතුව සුමංගල හිමිපාණෝ ශ්රී දළදා මාළිගාවෙහි වැඩ සිටියහ.
කල්තබා ඇතිකර ගත් නියමයන්ට අනුව ජෝන් ඩොයිලි විසින් සිංහල ඉංගීරසි කොඩි ඔසවනු ලැබීමට සූදානම් වන ලෙස මහනුවර මඟුල් මඩුව ඉදිරිපස පෙළ සැදී සිටි සිංහල ඉංගීරසි සෙන්පති දෙපලට නියම කරන ලදී. අනෙක් පසක සිංහල, ඉංගීරසි සෙනවියෝ පෙළ ගැසී සිටියහ. තවත් සුළු මොහොතින් තමන්ගේ කතිර කොඩිය අහස් තලයෙහි ලෙළ දෙන වග දැන දැනත් බල කාමයෙන් නිල කාමයෙන් වියරු වැටුණු ඉංගීරසි සෙන්පතියා කතිර කොඩිය අහසට නංවාලීය.
 ආත්ම විශ්වාසයෙන් ආත්මාභිමානයෙන් , ජාත්යානුරාගයෙන් තෙදවත් වූ වාරියපොළ හිමිපාණෝ අභීත කේසර සිංහ රාජයෙකු සේ ඉංගීරසි සෙන්පති ඉදිරිට පැමිණියහ.
තොපට තොපගේ කොඩිය දැන්ම මෙහි ඔසවන්නට ඉඩක් නැහැ. තොපට මේ නියමය කළේ කවරෙක්දැයි දැඩි ස්වරයෙන් ප්රශ්න කළහ. සමඟම ක්ෂණයකින් කතිර කොඩිය පහතට ඇද බිම දමා පයින් පෑගූහ.
ගිවිසුම අත්පත් කිරීමට තවත් කල්වේලා තිබෙන බව ප්රකාශ කර සිංහල කොඩිය අහසට නංවාලූහ. මෙම වීර වික්රමාන්විත ක්රියාවෙන් කෝපයට පත් ඉංගීරසි සෙනෙවියකු කඩුව කොපුවෙන් ඉවතට ගෙන වාරියපොළ හිමිපාණන් වෙත හෙළන්නට සූදානම් වෙත්ම ජෝන් ඩොයිලි ඉදිරියට පැන කඩු පහර වැළැක්විය.

පමණක් නොව කතිර කොඩිය සම්මතයට එරෙහිව එසෙවීම පිළිබඳව අපේ ශ්රේෂ්ඨ බුද්ධ පුත්රයාගෙන් සමාව අයැද සිටියේය. වැඩි කලක් ගතවන්නට මත්තෙන් ඌව වෙල්ලස්සේ වීර කැප්පෙටිපොළ වීරයන්ගේ ප්රධානත්වයෙන් සිංහලයේ ජන අරගලයට ඇරැඹිණි. සමඟම වාරියපොළ නාහිමියෝ සිංහල රජ පදවිය පිළිබඳ පරම සංකේතය වූ ශ්රී දන්ත ධාතුන් වහන්සේ දළදා මාලිගයෙන් පිටමං කළහ. 1818 අරගල සමයෙහි වීරකැප්පෙටිපොළ වෙතට දළදා වහන්සේ භාරවූයේත් වාරියපොළ හිමිපාණන්ගේ මෙහෙයවීමෙනි. සිංහලේ රජ කිරුළ සිංහල බෞද්ධයෙකුට උරුම කරදී අතීත උරුමයන් යළිත් ශ්රී ලංකාවේ ස්ථාපිත කිරීම අප නාහිමිපාණන්ගේ උතුම් අභිලාෂය විය.
 එහෙත් ජාතියේ අවාසනාවට සිදුවූයේ අනපේක්ෂිත ක්රියාවකි.
1818 නොවැම්බර් 01 වනදා සවස් කාලයෙහි බ්රිතාන් රජයේ 73 වන රෙජිමේන්තුවේ එකසයින් සුට්බේරේඩ් විසින් මාතලේ කයිකාවල මුරපොළේදී දන්ත ධාතුන් වහනසේ සමඟ වාරියපොළ සුමංගලහිමියන් අත්අඩංගුවට ගැනිණි. වාරියපොළ හිමියන්ගේ හිස ගෙනවුත් දුන් අයකුට ත්යාග 1000 ක් ප්රදානය කරන බවට ඉංගීරසි ආණ්ඩුව, අණ බෙර මගින් ප්රචාරය කර තිබූ බවද අමතක කළ යුතු නොවේ. දළදා වහන්සේට හෝ තමන් වහන්සේට කිසිදු කරදරයක් නොකරන බවට ඉංගීරසි හේවායන් පොරොන්දු කර ගැනීමෙන් පසු දළදා වහන්සේ ඉංගීරසින් වෙත භාර දුන්හ.
 දළදා මාලිගාවෙන් දන්ත ධාතුන් වහන්සේ පිටකරනවාත් සමඟම සුමංගල හිමියෝද පිටත්වූහ. “නයිගිල්ලකරඬුව නොහොත් හේමමාලාවන් විසින් දළදා වහන්සේ තැන්පත් කර ගෙන පැමිණි කුඩා කරඬුවෙහි දළදා වහන්සේ තබා ස්වකීය සිවුරේ කුඩා උරයක් භදා එම උරයෙහි සඟවා ගත්හ. දඹුල්ලේ මහා විහාරයට ආසන්නව දඹුලු කැලයේ වාරියපොළ හිමියෝ සැඟවුණහ. දඹුලු කැලයෙහි සැරිසරමින් විසුවා පමණක් නොව දළදා වහන්සේට ඇති බලවත් ගෞරවය නිසා දළදා වහනසේ වැඩ සිටි සිවුරු ගැබ පිහිටි වම් උරය මත බෙල්ල ඇල නොකොට දකුණටම හරවා ගෙන කල් ගත කළහ. ශරීර ස්වභාවය වෙනස් විය.
 
(වාරියපොළ මාහිමිතුඹුල්ලේ සීලක්ඛන්ධ පි 95 – 97)
ශ්රී දළදා වහන්සේ සඟවා ගෙන සිටීම රාජද්රෝහී ක්රියාවක් ලෙස සැලකූ ඉංගීරසි ආණ්ඩුව එහිමිපාණන් යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවන ලදී. සොරකමත් කිරීමේ චෝදනාව මත යාපනයේ සිර කඳවුරෙහි වධ බන්ධනයට ලක් කරන ලදී. හිමිපාණෝ සිර කඳවුරෙන් නිදහස ලබන ලද්දේ 1821 අපේරල් මස 13 වන දිනදීය.
 වාරියපොළ සුමංගල හිමිපාණන්ගේ වීර ක්රියාවන් ගැන අධිනීතිඥ වෝල්ටර් විමලචන්ද් මහතා ළඟ සුරක්ෂිතව තිබුණු පුස්කොළ පොත්වල සඳහන් වේ.
 කුරුණෑගල දිස්ත්රික්කයේ දේව මැදි හත්පත්තුවේ දෙව මැදි කෝරළේ වාරියපොළ නම් ඓතිහාසික භූමිය සුමංගල හිමිපාණන්ගේ ජන්ම භූමියයි. හේරත් මුදියන්සේලාගේ බමුණාකොටුවේ රාළ පියාණන් වේ. කොටුවේ රාළගේ පුත් කිරිහාමි නම් කුල කුමරු අස්ගිරි මහා විහාරයේ ඉඳවලුගොඩ ධම්මපාල මහානායක ස්වාමින්ද්රයන් වෙතින් පැවිදි බිමට පත් විය. අස්ගිරි මහා විහාරයේ මහානායක ධම්මපාල නායක හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.
 අනුශාසක ධූරයෙන් පිදුම්ලත් සුමංගල හිමිපාණෝ සුදුහුම්පොළ රාජ මහාවිහාරයෙහි විහාරාධිපති ධූරය හෙබවූහ. වාරියපොළ ශෛලතලාරාම රාජ මහා විහාරස්ථානයෙහි භාරකාරත්වය දැරූහ. ශ්රී නාමය අනුස්මරණය කිරීම සඳහා වාරියපොළ ශ්රී සුමංගල පිරිවෙන එම විහාරස්ථානයෙහි ස්ථාපිත කර ඇත.වාරියපොළ භික්ෂු පරම්පරාවට විහාරස්ථාන රාශියක් අයත් වේ.
 අපේ දේශයේ ජාතියේ හා බෞද්ධ ආගමේ අනාගත චිරස්ථිතිය උදෙසා දේශපේරමයෙන් ජාතිවාත්සල්යයෙන් ආත්ම පරිත්යාගයෙන් අමිල මෙහෙවරක් ඉටුකළ වීරෝදාර ජාතික නායකත්වයක් ගොඩ නැගු වාරියපොළ ශ්රී සුමංගල නාහිමිපාණෝ 1831 පෙබරවාරි මස 05 දින අමරණීය නාමයක් ජාතියට ඉතිරිකර අපවත් වී වදාළහ.

 
 බන්ධුල ආර්. ගුලවත්ත